ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය අද නිමා වුණේ දකුණු අප්‍රිකාවට ලකුණු 51 ක ජයක් උරුම කර දෙමින්.
New Chandigarh හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලකුණු 213 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 162 ක් පමණයි.
මෙම තරගයේදී අර්ෂ්දීප් සිං අනවශ්‍ය ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඒ, විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී ටෙස්ට් ක්‍රීඩා කරන රටක පන්දු යවන්නෙකු යොමු කළ සම දීර්ඝතම පන්දුවාරය යොමු කරමින්.
දකුණු අප්‍රිකා ඉනිමේ 11 වැනි පන්දුවාරය අර්ෂ්දීප් විසින් යොමු කළ අතර, එම පන්දුවාරය සම්පූර්ණ කිරීමට ඔහුට පන්දු 13 ක් යොමු කිරීමට සිදු වුණා. ඒ, එම පන්දුවාරයේදී වයිඩ් පන්දු 7 ක් යොමු වීම හේතුවෙන්.
Longest over by a bowler in T20Is (Full-member nations)
- Arshdeep Singh – 13 balls (18 runs) vs South Africa, New Chandigarh 2025
- Naveen-ul-Haq – 13 balls (19 runs) vs Zimbabwe, Harare 2024
- Sisanda Magala – 12 balls (18 runs) vs Pakistan, Johannesburg 2021
- Mark Adair – 11 balls (26 runs) vs Australia, Brisbane 2022
“Today, Wide Ball made a reel with Arshdeep.”😭
pic.twitter.com/erm0TW3UP6— Break_The_Bad (@Egoistic1808) December 11, 2025
What just happened to Gautam Gambhir 👀
– Arshdeep Singh bowled 7 wides, and then the camera focused on Gautam Gambhir; the coach seems to be angry with Arshdeep Singh 😨
– What’s your take 🤔 pic.twitter.com/qD22DYzfeb
— Richard Kettleborough (@RichKettle07) December 11, 2025