ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ Power-Hitting හෙවත් දැවැන්ත පහරවල් එල්ල කිරීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් සතියක පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, Power-Hitting විශේෂඥයෙකු වන ජූලියන් වුඩ්ගේ සේවය ලබා ගනිමින්.
ජූලි 30 වැනිදා සිට අගෝස්තු 5 වැනිදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේදී, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පහරදීමේ ශිල්පීය ක්‍රම වැඩිදියුණු කිරීමට සහ ප්‍රබල පහරවල් එල්ල කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමට ජූලියන් වුඩ් ජාතික පුහුණුකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට නියමිතයි.
කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය, පිරිමි T20 ලෝක කුසලානය, ආසියානු කුසලානය සහ අනෙකුත් ජාත්‍යන්තර තරග සඳහා සූදානම් වීමේ ශ්‍රී ලංකා සැලසුම්වල පියවරක් ලෙසයි මෙම වැඩසටහන සංවිධාන කර ඇත්තේ.
වුඩ් මීට පෙර එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB), Gloucestershire CCC, Hampshire CCC, Middlesex CCC, සහ Punjab Kings කණ්ඩායම් සමග ද කටයුතු කර තිබෙනවා.