ලුවිස්ගේ කොන්ත්‍රාත් කාලය ශ්‍රී ලංකා තරගාවලිය අවසන් වන තුරු දීර්ඝ කෙරේ

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ජෝන් ලුවිස්ගේ කොන්ත්‍රාත් කාලය ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය අවසන් වන තුරු දීර්ඝ කර තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී Nizamuddin Chowdhury මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව තහවුරු කළා.

ජෝන් ලුවිස් එරට පිතිකරණ උපදේශක ලෙස පත් කරනු ලැබුවේ නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්ත තරගාවලි අරමුණු කර ගනිමින්.

අදාළ ධූරයට ක්‍රෙයිග් මැක්මිලන් පළමුව පත් කර තිබුණ ද ඔහු පෞද්ගලික හේතුවක් මත එම ධූරය භාර නොගැනීමට පසුව තීරණය කළා.

නෙයිල් මැකෙන්සි ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුව වෙනුවෙනුයි ක්‍රෙයිග් මැක්මිලන් පිතිකරණ උපදේශක ධූරයට පත් කිරීමට තීරණය කර තිබුණේ.

මැක්මිලන් ධූරය භාර නොගැනීම නිසා ජෝන් ලුවිස් අදාළ ධූරයට පසුව පත් කෙරුණා.

WORLD NEWS
Comments (0)
Add Comment