ලිටොන්ට නායකත්වයේ වගකීම පවරමින් ටෙස්ට් සංචිතය නම් කෙරේ

ඇෆ්ඝනිස්තානය සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නිවේදනය කර තිබෙනවා.

අයර්ලන්තය සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ඇගිල්ලක ආබාධයකට ලක් වූ නායක ශකිබ් අල් හසාන් මෙම තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ අනුව ඔහු වෙනුවට කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම ලිටොන් දාස් වෙත පැවරී තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Shahadat Hossain හා Musfik Hasan ද ඇතුළත්.

ආබාධයක් හේතුවෙන් අයර්ලන්තය සමග පැවැති ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ ටස්කින් අහ්මඩ් යළි ටෙස්ට් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. සාකීර් හසාන් ද යළි ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

ජූනි 10 වැනිදා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම බංග්ලාදේශයට පැමිණීමට නියමිත අතර, ටෙස්ට් තරගය ජූනි 14 වැනිදා මීර්පූර්හී දී ආරම්භ වීමට නියමිතයි.

Bangladesh squad:

Litton Das (c), Tamim Iqbal, Zakir Hasan, Najmul Hossain Shanto, Mominul Haque, Mushfiqur Rahim, Mehidy Hasan Miraz, Taijul Islam, Khaled Ahmed, Ebadot Hossain, Taskin Ahmed, Shoriful Islam, Mahmudul Hasan Joy, Shahadat Hossain, Musfik Hasan.

Comments (0)
Add Comment