ලහිරු කුමාරට දෙවැනි එක්දින තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට ඇෆ්ඝනිස්තානය සමග හෙට(4) පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ඊයේ(2) පැවැති පළමු එක්දින තරගයේ දී පන්දු යවමින් සිටියදී මුහුණ දුන් වම් පාදයේ ආබාධය හේතුවෙන්.

එම ආබාධයෙන් ඔහු මෙතෙක් සුවය ලබා නොමැති බැවින් හෙට තරගය සදහා වන තේරීම්වලට ලහිරු කුමාර සලකා නොබලන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍ය කමිටුව අධීක්ෂණයෙන් පසුවන අතර, තෙවැනි එක්දින තරගය ඔහුට ක්‍රීඩා කළ හැකිදැයි පසුව තීරණය කරනු ඇති.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය හෙට පෙරවරු 10 ට හම්බන්තොට ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

පළමු එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ ඇෆ්ඝනිස්තානය තරග 1-0 ක් ලෙස තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

big 3
Comments (0)
Add Comment