සුනිල් නරේන් පිත්තෙන් යළි දැක් වූ සුවිශේෂී දක්ෂතා හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 54 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 98ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(5) සමත් වුණා.
මෙම ජයත් සමග රාජස්ථාන් අභිබවා කොල්කටා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ද සමත් වීම විශේෂත්වයක්.
ලක්නව්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 235 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට පන්දුවාර 16.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.
මර්කස් ස්ටොයිනිස් ලකුණු 36 ක් රැස් කළ අතර, කේ එල් රාහුල් ලකුණු 25 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී හර්ෂිත් රානා හා වරුන් චක්‍රවර්තී කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, අන්ඩ්‍රි රසල් කඩුලු දෙකක් බිද හෙලුවා.
පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම වෙනුවෙන් සුනිල් නරේන් පන්දු 39 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 81 ක්. හයේ පහර 7ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.
පන්දු යැවීමේ දී නවීන් උල් හක් කඩුලු 3 ක් දවා ගත්තා.
wpDataTable with provided ID not found!