ලකුණු 550ක් ප්‍රමාණවත් වේවි : ඕෂද ප්‍රනාන්දු

බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී 550ක පමණ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම සිය කණ්ඩායමට ප්‍රමාණවත් වනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙල පිතිකරු ඕෂද ප්‍රනාන්දු පවසනවා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ අද(30) දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.

Match Report : ඕෂදගේ 81 සහ දික්වැල්ලගේ නොදැවුණු ඉනිම හමුවේ තරගයේ පාලනය තවදුරටත් ශ්‍රී ලංකාවට

අද දිනයේ දී පන්දුවාර කිහිපයක් පිතිකරණයේ නිරත වීම සදහා බංග්ලාදේශයට අවස්ථාව ලබා දීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම වී තිබූ නමුත්, අයහපත් කාළගුණය හමුවේ එම සැලසුම අසාර්ථක වූ බව ඕෂද කියා සිටියා.

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දී තණතීරුව තරමක් මන්දගාමී ස්වභාවයක් ගත් බවයි ඔහු සදහන් කළේ.

ඉදිරි දින කිහිපයේ දී පන්දුව දග කැවෙනු ඇති බවට අපේක්ෂා කරන බව ද ඕෂද ප්‍රනාන්දු මෙම මාධ්‍ය හමුවේ පවසා සිටියා.

Comments (0)
Add Comment