ලකුණු 122 ක ජයකින් දකුණු අප්‍රිකාව තරගාවලියේ ජය හිමි කර ගනියි

Match Report

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරග 5 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-2 ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(17) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති 5 වැනි හා අවසන් එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 122 ක ජයක් වාර්තා කරමින්.

ජොහැනස්බර්ග් හි පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 9 ක් දැවී ලකුණු 315 ක් රැස් කළා.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 93 ක් රැස් කළ අතර, ඩේවිඩ් මිලර් ලකුණු 63 යි. පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 70 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 34.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 193 ක් පමණයි.

මිචෙල් මාෂ් ලකුණු 71 ක් ලබා ගත් අතර, මර්නස් ලබුෂේන් ලකුණු 44 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් කඩුලු 5 ක් හා කේෂාව් මහරාජ් කඩුලු 4 ක් දවා ගත්තා.

තරගාවලියේ පළමු තරග දෙකම පරාජයට පත්ව තිබූ පසුබිමකයි අවසන් තරග 3 ජය ගනිමින් දකුණු අප්‍රිකාව මෙලෙස තරගාවලියේ ජය හිමි කර ගැනීමට සමත් වුණේ.

big 3
Comments (0)
Add Comment