ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ 6 වන අදියර නොවැම්බර් 27 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
තරග කොළඹ R. ප්‍රේමදාස, මහනුවර පල්ලෙකැලේ සහ රංගිරි දඹුලු යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනේදී පැවැත්වීමට නියමිතයි.
සාමාන්‍යයෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට සෑම වසරකදීම සැලසුම් කර ඇත්තේ අගෝස්තු මාසයේදීයි.
කෙසේ වෙතත්, අගෝස්තු මාසයේදී නොපවත්වා තරගාවලිය දෙසැම්බර් මාසයේදී මෙලෙස පැවැත්වෙන්නේ සිව්වැනි වරට වීම විශේෂත්වයක්.
පෙබරවාරි මාසයේදී ආරම්භ වන 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය අරමුණු කර ගනිමින් දෙසැම්බර් කාල රාමුව තුළ LPL තරගාවලිය පැවැත්වීමට තීරණය කළ බවයි LPL තරගාවලියේ අධ්‍යක්ෂ, සමන්ත දොඩන්වෙල මහතා ප්‍රකාශ කළේ.
මේ අතර, මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් හයක් එක්වීමට ඉඩ ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ඒ සදහා මේ වන විට සාකච්ඡා සිදු වෙමින් පවතින බව සදහන්.
කෙසේ වෙතත්, මෙම වසර මුලදී Jaffna Kings හා Colombo Strikers කණ්ඩායම් සමග පැවැති ගිවිසුම්වලින් ඉවත් වීමට ද තරගාවලියේ සංවිධායකයින් පියවර ගත්තා.