බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.
හර්ඩික් පාන්ඩ්යාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, උප නායකයා ලෙස පත් කර ඇත්තේ සූර්යකුමාර් යාදව්.
විරාත් කෝලි හා නිත්‍ය නායක රෝහිත් ෂර්මා මෙම 20යි 20 සංචිතයෙන් ද ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
නිමා වූ අයි.පී.එල් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ යශස්වි ජයිස්වාල් හා තිලක් වර්මා ද 20යි 20 සංචිතය සදහා පළමු වරට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
සංජු සැම්සන් යළි සංචිතය සදහා කැදවීමට ද අජිත් අගාර්කාර්ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
කොදෙව්වන්ට එරෙහි එක්දින හා ටෙස්ට් සංචිතයට නම් කර ඇති මුකේෂ් කුමාර් 20යි 20 සංචිතයට ද ඇතුළත්. රවීන්ද්‍ර ජඩේජා සංචිතය සදහා නම් කර නැහැ.
දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය අගෝස්තු 3 වැනිදා ට්‍රිනිඩෑඩ් හී දී ආරම්භ වන අතර, දෙවැනි හා තෙවැනි 20යි 20 තරග ගයානා හී දී පැවැත්වීමට නියමිතයි.
අවසන් 20යි 20 තරග දෙක ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හී දී පැවැත්වෙන්නේ අගෝස්තු 12 වැනිදා හා 13 වැනිදායි.
India’s T20I squad:
Ishan Kishan (wk), Shubman Gill, Yashasvi Jaiswal, Tilak Varma, Surya Kumar Yadav (VC), Sanju Samson (wk), Hardik Pandya (C), Axar Patel, Yuzvendra Chahal, Kuldeep Yadav, Ravi Bishnoi, Arshdeep Singh, Umran Malik, Avesh Khan, Mukesh Kumar.