රෝහිට් ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ උප නායක රෝහිට් ෂර්මා එරට ක්‍රීඩකයෙකුට ලබා දෙන ඉහළම ගෞරව සම්මානය වන “රජිව් ගාන්ධි කේල් රත්න” සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

එම සම්මානයෙන් පිදුම් ලැබූ සිව්වන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසගත වූයේ.

මීට පෙර සචින් ටෙන්ඩුල්කාර්(1997-98), එම්.එස් දෝනි(2007) සහ විරාට් කෝලි(2018) මෙම සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මා සහ ක්‍රිකට් ක්‍රීඩිකා දීප්ටි ෂර්මා මෙවර “අර්ජුන” සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

Comments (0)
Add Comment