රෝයි පර්ත් ස්කෝචර්ස් පිලට

එංගලන්ත පිතිකරු ජේසන් රෝයි මෙවර ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

එංගලන්ත ක්‍රීඩක ලියම් ලිවින්ග්ස්ටෝන් ද මෙවර තරගාවලියේ දී පර්ත් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය නොවැම්බර් 27 වනදා සිට දෙසැම්බර් 9 වනදා දක්වා සිදු වන බැවින් සහ ඔස්ට්‍රේලියාවට පැමිණීමේ දී සියලු දෙනා දින 14ක නිරෝධායනයකට ලක් විය යුතු බැවින් ජේසන් රෝයිට දෙසැම්බර් මස අග වන තුරු පර්ත් කණ්ඩායම සමග එක්වීමේ අවස්ථාව හිමි නොවනු ඇති.

බිග් බෑෂ් ලීග් තරගාවලියේ 10 වැනි අදියර ලබන දෙසැම්බර් 3 වනදා ආරම්භ වීමට නියමිත අතර, තරගාවලිය සදහා ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් පිල වෙනුවෙන් ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ද එක්වන බව ඊයේ තහවුරු කෙරුණා.

2017 වසරේ දී බිග් බෑෂ් ලීග් වරම් හිමි කර ගත් රෂීඩ් ඛාන් එම කණ්ඩායම වෙනුවෙන් මේ වන විට බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 56ක්.

Perth Scorchers squad:

Mitch Marsh (c), Jason Roy, Cameron Bancroft, Ashton Agar, Liam Livingstone, Cameron Green, Aaron Hardie, Josh Inglis, Fawad Ahmad, Cameron Gannon, Jason Behrendorff, Matt Kelly, Joel Paris, Kurtis Patterson, Andrew Tye, Sam Whiteman, Jhye Richardson, Ashton Turner

Comments (0)
Add Comment