රෝයිට 20යි 20 තරගාවලිය අහිමි වෙයි

පාකිස්තානය සමග හෙට(28) ආරම්භ වන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පුහුණුවීම් අතරතුර දී ආබාධයකට ලක්වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාව සමග  සැප්තැම්බර් 4 වනදා ආරම්භ වීමට නියමිත සීමිත පන්දුවාර තරග සදහා සහභාගී වීමේ අරමුණින් ඔහු තවදුරටත් සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග රැදී සිටිනු ඇති.

එංගලන්ත – පාකිස්තාන පළමු 20යි 20 තරගය හෙට(28) මෙරට වේලාවෙන් රාත්‍රී 10.30ට මැන්චෙස්ටර් හී දී ආරම්භ විමට නියමිතයි.

Comments (0)
Add Comment