රෝයල්ස් පරදා ටයිටන්ස් පිලට ලකුණු 58 ක ජයක්

අයි.පී.එල් තරගාවලියේ 23 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් පරදා ලකුණු 58 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් සමත් වුණා.

අහ්මදාබාද්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණූ 217 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල්ස් පිතිකරුවන්ට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 159 ක් පමණයි.

ටයිටන්ස් ඉනිම වෙනුවෙන් සායි සුදර්සන් අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 82 ක් ලබා ගත්තේ පන්දු 53 කට මුහුණ දෙමින්.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ හා තුෂාර් දේශ්පන්ඩේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ ශිම්රන් හෙට්මයර්. ඔහු ලකුණු 52(32) ක් රැස් කළ අතර, සංජු සැම්සන් ලකුණු 41 කට දැවී ගියා.

පන්දු යැවීමේදී ප්‍රසිද් ක්‍රිෂ්නා කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 24 ක් ලබා දෙමින්.

top
Comments (0)
Add Comment