රූට් 20යි 20 සංචිතයෙන් ඉවත් කෙරේ

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයෙන් ටෙස්ට් නායක ජෝ රූට් ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලිය සදහා නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ද එක්දින සංචිතයට ඇතුළත්.

ජොස් බට්ලර්, ජොෆ්ර ආචර්, සෑම් කරන් සහ මාර්ක් වුඩ් 20යි 20 සහ එක්දින සංචිත දෙකටම නම් කර තිබෙනවා.

සිය පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් පාකිස්තානයට එරෙහි අවසන් ටෙස්ට් තරග දෙක ක්‍රීඩා නොකළ බෙන් ස්ටොක්ස් මෙම තරගාවලි සදහා ද නම් කර නැහැ.

එමෙන්ම ආබාධයකට ලක්ව සිටින ආරම්භක පිතිකරු ජේසන් රෝයි ද සංචිත දෙකටම ඇතුළත් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 4 වනදා පැවැත්වෙන අතර, තරග 3කින් යුත් එක්දින තරගාවලිය 11 වනදා ආරම්භ වීමට නියමිතයි.

T20 squad:

Eoin Morgan (c), Moeen Ali, Jofra Archer, Jonny Bairstow, Tom Banton, Sam Billings, Jos Buttler, Sam Curran, Tom Curran, Joe Denly, Chris Jordan, Dawid Malan, Adil Rashid, Mark Wood. Reserves: Liam Livingstone, Saqib Mahmood.

ODI squad:

Eoin Morgan (c), Moeen Ali, Jofra Archer, Jonny Bairstow, Tom Banton, Sam Billings, Jos Buttler, Sam Curran, Tom Curran, Adil Rashid, Joe Root, Chris Woakes, Mark Wood. Reserves: Joe Denly, Saqib Mahmood.

Comments (0)
Add Comment