අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය අද(10) නිමා වුණේ දිනයේ වැඩි ගෞරව එංගලන්තයට හිමි කර දෙමින්.
දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 220ක්.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නායක ජෝ රූට් ලකුණු 86ක් ද, ඩාවිඩ් මලාන් නොදැවී ලකුණු 80ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 159ක්.
ආරම්භක පිතිකරුවන් වූ රෝරි බර්න්ස් ලකුණු 13කටත්, හසීබ් හමීඩ් ලකුණු 27කටත් දවා ගැනීමට පිළිවෙලින් පැට් කමින්ස් හා මිචෙල් ස්ටක් සමත් වුණා.
දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 425ක් ලබා ගත්තා.
ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළ ට්‍රැවිස් හෙඩ් ලකුණු 152ක් හා ඩේවිඩ් වෝනර් ලකුණු 94ක් රැස් කිරීමට සමත් වුණා.
මර්නස් ලබුෂේන් ලකුණු 74ක් හා මිචෙල් ස්ටක් ලකුණු 35ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ඔලී රොබින්සන් හා මාර්ක් වුඩ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 147ක් පමණයි.
ඒ අනුව ඔවුන් මේ වන විට ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 58ක්.