එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග නිමා වූ ටෙස්ට් තරගාවලියෙන් ලැබූ පරාජයත් සමගයි.
ඊට පෙර ඕස්ට්‍රේලියාවේ පැවැති අලුබදුන ටෙස්ට් තරගාවලිය ද එංගලන්ත කණ්ඩායම රූට්ගේ නායකත්වය යටතේ දරුණු පරාජයකට ලක් වුණා.
එංගලන්තය අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග 17න් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.
ජෝ රූට් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස පත් වුණේ 2017 වසරේ දී යි.
එරට ටෙස්ට් ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකට (64) නායකත්වය ලබා දුන් ක්‍රීඩකයා, වැඩිම ජයග්‍රහණ(27) හා පරාජයන් (26) ලැබූ නායකයා වන්නේ ද ජෝ රූට්.