රිකල්ටන්ගේ ශතකය හා රබාඩාගේ දක්ෂතා දකුණු අප්‍රිකාවට විශිෂ්ඨ ජයක් හිමි කර දෙයි

Match Report

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී ඇෆ්ඝනිස්ථානය පරදා ලකුණු 107 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව අද(21) කරච්චිහීදී සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු හයක් දැවී ලකුණු 315 ක් ලබා ගනිමින්.

ආරම්භක පිතිකරු රයන් රිකල්ටන් ලකුණු 103 ක් රැස් කළේ පන්දු 106 කින්. හයේ පහරක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නායක ටෙම්බ බවූමා ලකුණු 58(76) ක්, රසී වැන් ඩර් ඩසන් ලකුණු 52(46) ක් හා ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 52(36) ක් රැස් කළා.

පන්දු යැවීමේදී මොහමඩ් නබී ලකුණු 51 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 43.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208 ක් පමණයි.

රහ්මත් ශාහ් ලකුණු 90(92) ක් ලබා සිටියදී ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගිය අතර, වෙනත් කිසිදු පිතිකරුවෙකුගෙන් සාර්ථක ඉනිමක් දැක ගත හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ලුන්ගි එන්ගිඩී හා වියාන් මෝල්ඩර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

top
Comments (0)
Add Comment