ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායක කේ එල් රාහුල්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, පසුගිය සදුදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පැවැති අයි.පී.එල් තරගයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.
ආබාධය නිසා ඔහුට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වනු ඇති.
ඒ අනුව රාහුල්ට ජූනි 7 වැනිදා ලන්ඩන් නුවර දී ආරම්භ වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය ද ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.
ඔහු වෙනුවට ඉදිරි අයි.පී.එල් තරගවලදී ලක්නව් කණ්ඩායම කෘනාල් පාන්ඩ්යා විසින් මෙහෙයවීමට නියමිතයි.