රාහුල් හදිසියේ රෝහල් ගත කෙරේ

පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක කේ.එල් රාහුල් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, ඇපෙන්ඩිසයිටිස් රෝගයට ඔහු ගොදුරු වීම හේතුවෙන්.

ඊයේ රාත්‍රී කාලයේ දී රාහුල් දැඩි උදර වේදනාවකින් පෙළුණු බවයි පංජාබ් කණ්ඩායම නිවේදනය කළේ.

එහිදී ඔහුට ලබා දුන් ඖෂද සදහා සුවයක් නොලැබීම හේතුවෙන් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සිදු කෙරුණු බව සදහන්.

අනතුරුව ඔහු ඇපෙන්ඩිසයිටිස් රෝගයෙන් පෙළෙන බවට හදුනා ගෙන ඇති අතර, ඒ අනුව කේ.එල් රාහුල්ට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ වන විට මෙවර තරග වාරයේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ද කේ.එල් රාහුල්.

කෙසේ වෙතත්, ඔහුට මෙවර තරගාවලියේ ඉදිරි තරග සදහා යළි එක්වීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

රාහුල් වෙනුවට පංජාබ් කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ මයාන්ක් අගාර්වල්.

Comments (0)
Add Comment