පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව අලුත් කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද(23) සමත් වුණා.
ඒ, T20 ලෝක කුසලාන අප්‍රිකානු උප කලාපීය සුදුසුකම් ලැබීමේ තරඟාවලිය (T20 World Cup Africa Sub Regional Qualifiers) යටතේ ගැම්බියාව සමග පැවැති තරගයේදීයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 344 ක්.
එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ සිකන්ඩ රාසා පන්දු 43 කින් නොදැවී ලකුණු 133 ක් ලබා ගැනීම කැපී පෙනුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 15 ක් ඇතුළත්.
මීට පෙර විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර තිබුණේ නේපාල කණ්ඩායමයි. ඔවුන් 2023 වසරේ දී මොන්ගෝලියාවට එරෙහිව කඩුලු 3 ක් දැවී ලකුණු 314 ක් ලබා තිබුණා.
THE HIGHEST TOTAL IN MEN’S T20Is 🔥
Sikandar Raza’s 33-ball century against Gambia in the T20 World Cup Africa Sub Regional Qualifiers takes Zimbabwe past Nepal’s record of 314-3! pic.twitter.com/5cSGxxbZJ8
— ESPNcricinfo (@ESPNcricinfo) October 23, 2024