ශෝන් විලියම්ස්ගේ හා සිකන්ඩ රාසාගේ වේගවත් ඉනිම් හේතුවෙන් 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 5 වැනි තරගයෙන් නෙදර්ලන්තය පරදා කඩුලු 6ක සුපිරි ජයක් වාර්තා කිරීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අද(20) සමත් වුණා.
හරාරේහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 315 ක් නියමිත පන්දුවාර 50 අවසානයේ දී ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිල පන්දුවාර 40.5 ක් පමණක් වැය කරමින් කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාම විශේෂත්වයක්.
සිකන්ඩ රාසා පන්දු 54 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 102 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 8 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත්. මෙය සිම්බාබ්වේ පිතිකරුවෙකු එක්දින ජාත්‍යන්තර තරගයකදී වාර්තා කළ වේගවත්ම ශතකය ලෙසයි වාර්තා අතරට එක් වුණේ.
ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් නායක ක්‍රෙයිග් අර්වින් ලකුණු 50 (48) ක් රැස් කළ අතර, Joylord Gumbie ලකුණු 40යි.
ශෝන් විලියම්ස් පන්දු 58 ක් පමණක් වැය කරමින් ලකුණු 91 ක් ලබා සිටියදී දැවී ගියා. හයේ පහර 2ක් හා හතරේ පහර 10ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.
පන්දු යැවීමේ දී Shariz Ahmad ලකුණු 62 කට කඩුලු 2 ක් දවා ගත්තා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත ඉනිම වෙනුවෙන් Vikramjit Singh ලකුණු 88 ක් ද, නායක Scott Edwards ලකුණු 83 ක් ද, Max O’Dowd ලකුණු 59 ක් ද රැස් කළා.
පන්දු යැවීමේ දී සිකන්ඩ රාසා ලකුණු 55 කට කඩුලු 4 ක් දවා ගත්තා.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම මෙවර තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගැනීමට සමත්ව තිබෙනවා.