රෆායල් නඩාල් යුරෝපා කණ්ඩායමෙන් ඉවත් වෙයි

යුරෝපා කණ්ඩායම හා ලෝක කණ්ඩායම අතර පැවැත්වෙන 2024 Laver Cup ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට ස්පාඥ්ඥයේ රෆායල් නඩාල් තීරණය කර තිබෙනවා.

යුරෝපා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි නඩාල් තරගාවලියෙන් ඉවත් වීමට හේතු වූ ආබාධ තත්ත්වයක් හෝ අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් තොරතුරු සදහන් කර නැහැ.

කෙසේ වෙතත්, 38 හැවිරිදි ඔහු 2024 තරග වාරය සිය අවසන් තරග වාරය බව මීට පෙර සදහන් කර තිබුණා.

22 වරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවය දිනා ඇති රෆායල් නඩාල් නිමා වූ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලෙන් පසුව මෙතෙක් කිසිදු තරගයක් ක්‍රීඩා කර නැහැ.

Laver Cup ටෙනිස් තරගාවලිය ජර්මනියේ බර්ලින්හී දී සැප්තැම්බර් 20 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

top
Comments (0)
Add Comment