රහීම් හා ටස්කින් ටෙස්ට් සංචිතයට කැදවයි

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා මුෂ්ෆිකර් රහීම් හා ටස්කින් අහ්මඩ් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, පිතිකරු ශහඩාට් හොසේන් සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

බංග්ලාදේශය අවසන් වරට ක්‍රීඩා කළ ‌ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන් රහීම්ට ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, උරහිසක පැවැති ආබාධයක් හේතුවෙන් ටස්කින් තාවකාලිකව ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටියා.

ටස්කින් අහ්මඩ් ‌ටෙස්ට් සංචිතයට නම් කර ඇතත්, ඔහු දෙවැනි ටෙස්ට් තරගය සදහා පමණක් වන තේරීම් වෙනුවෙන් සලකා බැලීමට සිදු වනු ඇති.

පාකිස්තාන – බංග්ලාදේශ තරග ‌දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය අගෝස්තු 21 වැනිදා රාවල්පින්ඩිහී දී ආරම්භ වීමට නියමිතයි.

Bangladesh Test squad:

Najmul Hossain Shanto (C), Mahmudul Hasan Joy, Zakir Hasan, Shadman Islam, Mominul Haque, Mushfiqur Rahim, Shakib Al Hasan, Litton Das, Mehidy Hasan Miraz, Taijul Islam, Nayeem Hasan, Nahid Rana, Shoriful Islam, Hasan Mahmud, Taskin Ahmed, Khaled Ahmed

top
Comments (0)
Add Comment