ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතයට වෙනසක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ආබාධයකට ලක් වූ මුෂ්ෆිකර් රහීම් වෙනුවට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති තව්හිද් හ්රිදෝයි සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ශ්‍රී ලංකාව සමග පැවැති තෙවැනි එක්දින තරගයේ දී කඩුලු රකිමින් සිටියදී පන්දුවක් වැදීම හේතුවෙන් රහීම්ගේ දකුණු මාපටැඟිල්ලෙහි අස්ථි බිදී යාමක් සිදු වුණා.
ඒ හේතුවෙන් ඔහුට තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියෙන්ම ඉවත් වීමටයි සිදු වුණේ.
හ්රිදෝයි මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 30 කදී හා විස්සයි 20 ජාත්‍යන්තර තරග 14 කදී බංග්ලාදේශය නියෝජනය කර තිබෙනවා.
එමෙන්ම ඔහු පළමු පෙල තරග 14 කදී ලකුණු 913 ක් රැස් කර ගෙන ඇත්තේ 48.05 ක සාමාන්‍යයක් සටහන් කර ගනිමින්. ඒ, ශතක 3ක් හා අර්ධ ශතක 4 ක් සමගින්.
නජ්මුල් හොසේන් ශන්තෝගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක නහිඩ් රානා සංචිතයට නම් කිරීමටයි පියවර ගැනුණේ.
ටෙස්ට් වරම් දිනා නොමැති මුස්ෆික් හසාන් ද සංචිතයට නම් කෙරුණු අතර, හිටපු නායක ලිටොන් දාස් යළි සංචිතය සදහා නම් කිරීමට ද පියවර ගත්තා.
දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 22 වැනිදා සිල්හෙට් දී ආරම්භ වීමට නියමිතයි. දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 30 වැනිදා ආරම්භ වන්නේ චිතගොංහී දී යි.
Bangladesh squad for first Test against Sri Lanka:
Najmul Hossain Shanto (C), Zakir Hasan, Mahmudul Hasan Joy, Shadman Islam, Litton Kumer Das, Mominul Haque Showrab, Towhid Hridoy, Shahadat Hossain Dipu, Mehidy Hassan Miraz, Nayeem Hasan, Taijul Islam, Shoriful Islam, Syed Khaled Ahmed, Mushfik Hasan, Nahid Rana