රහීම් එක්දින ක්‍රිකට් පිටියට සමු දෙයි

බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

සිය ෆේක්බුක් පිටුවේ සටහනක් තබමිනුයි ඔහු ඒ බව නිවේදනය කළේ.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2006 වසරේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනූ රහීම් මේ වන විට එක්දින තරග 274 ක් ක්‍රීඩා කර ඇති අතර, ඒ අනුව ඔහු ඉතිහාසගතව ඇත්තේ බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙසයි.

එක්දින පිටියේදී ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 7,795 ක්. ඉනිමක සාමාන්‍ය 36.42 ක්. ශතක 9 ක් රැස් කර ඇති රහීම් කඩුලු රකින්නෙකු ලෙස උඩ පන්දු 243 ක් රැක ගෙන ඇති අතර, ස්ටම්ප් කිරීම් 56 ක් ද සිදු කර තිබෙනවා.

I am announcing my retirement from the ODI format as of today.
Alhamdulillah for everything. While our achivements may have been limited on a global level, one thing is certain: whenever I stepped onto the field for my country, I gave more than 100% with dedication and honesty.
The last few weeks have been very challenging for me, and I have come to realize that this is my destiny. Allah says in the Quran: “Wa tu’izzu man tasha’ wa tu’zhilu man tasha’” – “And He honours whom He wills, and He disgraces whom He wills.” (3:26)
May Almighty Allah forgive us and grant righteous Iman to all.
Lastly, I would like to deeply thank my family, friends and my fans for whom I have played cricket for the last 19 years.

top
Comments (0)
Add Comment