රචින් රවීන්ද්‍රගේ මංගල ද්විත්ව ශතකය හමුවේ සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(5) නිමා වුණේ තරගයේ පාලනය නවසීලන්තයට හිමි කර දෙමින්.
Mount Maunganui හි පැවැත්වෙන තරගය අද දිනයට අවසන් කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලකුණු 80 ක් ලබා සිටියා.
David Bedingham නොදැවී ලකුණු 29 ක් ලබා සිටින අතර, Edward Moore නොදැවී ලකුණු 23 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී ක්යිල් ජමීසන් ලකුණු 21 කට කඩුලු දෙකක් දවා ගත්තා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 511 ක්.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රචින් රවීන්ද්‍ර ලකුණු 240 ක් රැස් කළේ පන්දු 366 කින්. හයේ පහර 3ක් හා හතරේ පහර 26 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කේන් විලියම්සන් ලකුණු 118 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී Neil Brand ලකුණු 119 කට කඩුලු හයක් බිද හෙලුවා.
ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් රැදී සිටින ලකුණු සංඛ්‍යාව 431 ක්.