ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම සංඛ්‍යාවකදී ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත් පන්දු යවන්නා බවට පත් වීමට දග පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් අද(18) සමත් වුණා.
ඒ, අයර්ලන්තය සමග ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී යි.
එහිදී අයර්ලන්ත දෙවැනි ඉනිමේ දී Andy McBrine ගේ කඩුල්ල දවා ගනිමින් මෙන්ඩිස් මෙම සුවිශේෂී කඩඉම සපුරා ගත්තා.
ඔහු අයර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කළේ සිය 11 වැනි ටෙස්ට් තරගයයි. ඉනිම 21 කදී යි රමේෂ් මෙන්ඩිස් සිය 50 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ.
මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම සංඛ්‍යාවකදී ටෙස්ට් කඩුලු 50 ක් බිද හෙලා තිබුණේ දිල්රුවන් පෙරේරා විසින්.
ඔහු ටෙස්ට් තරග 11 කදී ඉනිම් 22 ක් ක්‍රීඩා කරමින් එම කඩඉමට ළගා වී තිබුණා.
රමේෂ් මෙන්ඩිස් අද නිමා වූ තරගයේ අයර්ලන්ත දෙවැනි ඉනිමේ දී ලකුණු 76 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.