රමීස් රාජා ඉවතට ; නව පාලක මණ්ඩලයට අෆ්රිඩිත් නම් කෙරේ

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරයෙන් රමීස් රාජා ඉවත් කර තිබෙනවා.

ඒ අනුව වත්මන් ක්‍රිකට් ආයතනයේ නිළධාරී මඩුල්ල විසුරුවා හැර ඇති අතර, ක්‍රිකට් ආයතනයේ අනුශාසක ලෙස කටයුතු කරන පාකිස්තාන අග්‍රාමාත්‍ය Shehbaz Sharif විසින් ක්‍රිකට් ආයතනයේ පාලනය පවත්වා ගෙන යාම සදහා සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

හිටපු සභාපතිවරයෙකු මෙන්ම ප්‍රවීණ මාධ්‍ය විශ්ලේෂකවරයෙකු වන නජාම් සෙති එම කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කර තිබෙනවා.

එම කමිටුවට හිටපු ක්‍රිකට් නායකයෙකු වන ශහිඩ් අෆ්රිඩි ද ඇතුළත් වීම විශේෂත්වයක්.

big 3