රංගනගේ පත් වීම බංග්ලාදේශය තහවුරු කරයි

බංග්ලාදේශයේ දග පන්දු උපදේශක ලෙස ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත් කර තිබෙනවා.

එමෙන්ම පිතිකරණ උපදේශක ලෙස දකුණු අප්‍රිකාවේ ඈෂ්වෙල් ප්‍රින්ස් පත් කළ බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

බංග්ලාදේශ කණ්ඩායම ඉදිරියේදී සිම්බාබ්වේ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙන අතර, ඒ අනුව රංගන හේරත් සිම්බාබ්වේ දේශයේ දී බංග්ලාදේශ පුහුණු කාර්යය මණ්ඩලය සමග එක් වීමට නියමිතයි.

ඔහු බංග්ලාදේශ දග පන්දු උපදේශක ලෙස එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තුරු කටයුතු කරනු ඇති.

ඈෂ්වෙල් ප්‍රින්ස් එළඹෙන සිම්බාබ්වේ තරගාවලිය සදහායි පිතිකරණ උපදේශක ලෙස පත් කර ඇත්තේ.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම වමත් දග පන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් ටෙස්ට් පිටියේ දී බිද හෙලා තිබූ කඩුලු ගණන 433ක්.

popularWORLD NEWS
Comments (0)
Add Comment