ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත් වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චෙහල් අද(11) සමත් වුණා.
ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව අද රාත්‍රියේ දී කොල්කටා හී දී ආරම්භ වූ තරගයේ දී යි.
තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් පිල පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුව පිතිකරණයේ නිරත වූ කොල්කටා කණ්ඩායමේ නායක නිටිෂ් රානාගේ කඩුල්ල දවා ගනිමින් චෙහල් මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ ඉනිමේ 11 වැනි පන්දුවාරයේ දී යි.
ඔහු මෙම තරගයේ දී ලකුණු 25 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා.
චෙහල් මේ වන විට අයි.පී.එල් ඉනිම් 142 කදී දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 187 ක්.
මීට පෙර අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා ලෙස වාර්තා අතරට එක්ව සිටියේ ඩ්වේයන් බ්‍රාවෝ. ඔහු ඉනිම 158 කදී කඩුලු 183 ක් දවා ගෙන තිබුණා.