මොහමඩ් ෂාමි වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නිවේදනය කෙරේ

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ගුජරාට් ටයිටන්ස් සංචිතය සදහා සන්දීප් වොරියර් ආදේශ කිරීමට කණ්ඩායම් කලමනාකාරීත්වය පියවර ගෙන ඇති බව අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළා.

ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ මොහමඩ් ෂාමි වෙනුවටයි.

ආබාධය හේතුවෙන් ෂාමි මෑතකදී ඔහුගේ දකුණු පාදයේ ශල්‍යකර්මයකට ද මුහුණ දුන්නා. ඔහු මේ වන විට ඉන් සුවය ලබමින් සිටින බවයි අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ.

ඔහු වෙනුවට සංචිතයට ආදේශ කළ සන්දීප් වොරියර් මේ දක්වා අයි.පී.එල් තරග 5 ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලක් යටතේයි ඔහු ගුජරාට් කණ්ඩායම සමග එක්ව ඇත්තේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Comments (0)
Add Comment