තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් තරග දෙක සදහා වන ඉන්දීය සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමි සලකා නොබලන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.
ඔහුගේ වම් දණහිසෙහි සිදු වූ ඉදිමීමක් හේතුවෙන් ඔහුව එම තරග වෙනුවෙන් ද සලකා බැලීමට නොහැකි බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.
රංජි කුසලාන තරගාවලිය යටතේ බෙන්ගාල කණ්ඩායම හා මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායම අතර පැවැති තරගයේදී ෂාමි පන්දුවාර 43 ක් යොමු කළ බවත්, අනතුරුව Syed Mushtaq Ali කුසලානය යටතේ ඔහු තරග 9 ක් ක්‍රීඩා කළ බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සදහන්.
ටෙස්ට් තරග සදහා සූදානම් වීමේ අරමුණින් එම තරග අතරතුර ඔහු අතිරේක පන්දු යැවීමේ සැසි සදහා ද එක් වූ බවයි එම නිවේදනයේ සදහන්ව ඇත්තේ.
එහිදී ඔහුගේ වම් දණහිසෙහි ඉදිමීමක් සිදු වූ බවත්, ඒ අනුව ඔහුට තවදුරටත් යථා තත්ත්වයට පත් වීම සදහා කාලය අවශ්‍ය බවටත් BCCI වෛද්‍ය කමිටුව තීරණය කර තිබෙනවා.
මොහමඩ් ෂාමි අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදීයි. අනතුරුව පෙරබවාරි මාසයේදී විලුඹ ආශ්‍රිත ශල්‍යකර්මයකට ඔහු මුහුණ දුන් අතර, තවමත් ඔහු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තරම් යෝග්‍යතාවයක් ළගා කර ගෙන නැහැ.
මේ අතර, ආර් අශ්වින් තෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට ගත් තීරණයත් සමග ඉන්දීය ටෙස්ට් සංචිතය සදහා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Tanush Kotian ආදේශ කර තිබෙනවා.
- Also Read : Tanush Kotian Replaces R Ashwin in India’s Test Squad for Final Border-Gavaskar Trophy Matches
India’s updated squad for the fourth and fifth BGT Tests:
Rohit Sharma (C), Jasprit Bumrah (VC), Yashasvi Jaiswal, Abhimanyu Easwaran, Shubman Gill, Virat Kohli, KL Rahul, Rishabh Pant (WK), Sarfaraz Khan, Dhruv Jurel (WK), Ravindra Jadeja, Mohd. Siraj, Akash Deep, Prasidh Krishna, Harshit Rana, Nitish Kumar Reddy, Washington Sundar, Devdutt Padikkal, Tanush Kotian.