මොයීන් අලී ටෙස්ට් පිටියට සමු දෙයි

එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

නමුත්, ඉදිරියටත් ඔහු සීමිත පන්දුවාර ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

34 හැවිරිදි මොයීන් මේ වන විට ටෙස්ට් තරග 64කදී ලකුණු 2,914 ක් හා කඩුලු 195ක් දවා ගෙන තිබෙනවා.

2014 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිවයි ඔහු ටෙස්ට් වරම් දිනා ගනු ලැබුවේ.

2019 ලෝක ශූරතාවය දිනූ එංගලන්ත සංචිතයේ ද සාමාජිකයෙකු වූ මොයීන් අලී, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත මූලික සංචිතයට ද ඇතුළත්.

“මට දැන් වයස 34 ක්, මට හැකිතාක් දුරට ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. මට අවශ්‍ය වන්නේ මගේ ක්‍රිකට් භුක්ති විඳීමටයි” යනුවෙන් මොයීන් අලී සදහන් කළා.

WORLD NEWS
Comments (0)
Add Comment