ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව හයේ සිට 8 ක් දක්වා ඉහළ නැංවීමට තරගාවලියේ සංවිධායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.
2027 වසරේ සිට මෙලෙස කණ්ඩායම් සංඛ්‍යාව ඉහළ නැංවීමටයි අවධානය යොමු කර ඇත්තේ.
එහිදී තරගාවලිය කැනඩාව දක්වා පුළුල් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව Chicago, Philadelphia, Atlanta හා Toronto යන නගර අතරින් නගර දෙකක් කේන්ද්‍ර කර ගනිමින් නව කණ්ඩායම් දෙක නිර්මාණය කරනු ඇති.
මේ වන විට ක්‍රීඩා කරන කණ්ඩායම් හයෙන් කණ්ඩායම් තුනක හිමිකාරීත්වය දරනු ලබන්නේ අයි.පී.එල් කණ්ඩායම් හිමිකරුවන් විසින්.
ඒ අනුව මුම්බායි ඉන්දියන්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය සතුව මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තුළ ද කණ්ඩායම් පවතිනවා.
Seattle කණ්ඩායම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය යටතේයි පවතින්නේ.