මෙන්ඩිස් මත්පැන් පානය කර නැහැ – අවිශ්කත් රථයේ ඉදලා – CCTV දර්ශන නිකුත් වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අනතුර සිදු වන අවස්ථාවේ බීමතින් නොසිටි බවට මූලික විමර්ශනවලින් අණාවරණය වී තිබෙනවා.

ඔහු අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබද අණාවරණය වී ඇති බවයි newswire වෙබ් අඩවිය වාර්තා කළේ.

රිය අනතුර සිදු වන අවස්ථාවේ දී ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ද ඔහු පැද වූ රථයේ සිට ඇති බව සදහන්.

ඔවුන් මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී යි මෙම අනතුර සිදුව තිබුණේ.

කුසල් මෙන්ඩිස් ගමන් කළ මෝටර් රථයේ පාපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු ගැටී අනතුර සිදු වූ අතර, එහිදී 64 හැවිරිදි පාපැදිකරු මිය ගියා.

කුසල් මෙන්ඩිස්ට නින්ද යාම අනතුරට හේතුව ලෙස අණාවරණය වී තිබෙනවා.

Comments (0)
Add Comment