මුරලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මුරලි විජේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, තමා ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා කිරීම සදහා අපේක්ෂාවෙන් පසුවන බවයි මුරලි විජේ සදහන් කළේ.

ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු වූ ඔහු ටෙස්ට් තරග 61 ක්, එක්දින තරග 17 ක් හා 20යි 20 තරග 9 ක් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළා.

මුරලි විජේ 2008 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර, අවසන් වරට ඔහු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී යි.

 

big 3
Comments (0)
Add Comment