මුරලිගේ ලෝක වාර්තාව අශ්වින් බිද දමයි

ඔස්ට්‍රේලියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් විසින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ, ටෙස්ට් තරගවලදී වැඩිම වාර ගණනක් වමත් පිතිකරුවන් දවා ගනිමින්.

ඔහු මේ වන විට වමත් පිතිකරුවන් දවා ගෙන ඇති වාර ගණන 192ක්.

මීට පෙර අදාළ ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තායියා මුරලිදරන්.

ඔහු වමත් පිතිකරුවන් අවස්ථා 191කදී දවා ගැනීමට සමත්ව තිබුණා.

Comments (0)
Add Comment