මුම්බායි නායකත්වය හර්මන්ප්‍රීට් කෝවුර්ට

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (Women’s Premier League) (WPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් නායිකාව ලෙස ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කෝවුර් පත් කර තිබෙනවා.

මුම්බායි කණ්ඩායම විසින් ක්‍රීඩිකාවන් අලෙවි කිරීමේ වෙන්දේසියේ දී ඇයව මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 1.8 ක මුදලකටයි.

Nat Sciver-Brunt, Hayley Matthews හා Amelia Kerr වැනි ප්‍රබල ජාත්‍යන්තර ක්‍රීඩිකාවන් රැසක් ද මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලිය මාර්තු 4 වැනිදා මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර, අවසන් මහා තරගය මුම්බායිහි Brabourne ක්‍රීඩාංගනයේ දී මාර්තු 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Comments (0)
Add Comment