මිලින්දගෙන් විශිෂ්ඨ ශතකයක් – දෙවිදුගෙන් කඩුලු 13ක්

අන්තර් සමාජ පළමු පෙළ තෙදින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ ඊයේ (17 ) නිමාවට පත් වූ තරග 4 ම අතිශයින්ම තියුණු මුහුණුවරක් ගනු ලැබුවා.

එහිදී රාගම සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ අතර, සෙසු තරග දෙකම විසඳුමකට ආසන්නතම අවස්ථාවන්වලට පැමිණිය ද ජය පරාජයෙන් තොරවයි අවසන් වුණේ.

මෙහිදී රාගම පිල විසින් කෝල්ට්ස් පිලට එරෙහිව ලකුණු 103 ක සහ හලාවත මේරියන්ස් පිල විසින් යුද හමුදාවට එරෙහිව ලකුණු 45 ක ජයක් වාර්තා කිරීමට සමත්වුණා.

ලීග් ශූරතාවය දිනා ගැනීම සඳහා මේ වන විට වැඩි ඉඩ කඩක් නිර්මාණය කරගෙන සිටින සී. සී. සී. කණ්ඩායමට එරෙහිව ප්‍රබල සටනක් ලබා දුන් සැරසන්ස් කණ්ඩායම පන්දුවාර 81 කදී ලකුණු 311 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගියා.

එහිදී මිලින්ද සිරිවර්ධන ක්‍රීඩා කරන ලද නායකත්වයේ ඉනිම කැපී පෙණුනා.

තරගය නිමා කරන විට කඩුලු 6 කට ලකුණු 283 ක් ලබා ජයග්‍රහණයේ ආසන්නයටම පැමිණීමට සැරසන්ස් පිලට හැකියාව ලැබුණා.

මීට අමතරව පන්දුවාර 44 කදී ලකුණු 282 ක ඉලක්කයක් හඹා ගිය එන්. සී. සී. කණ්ඩායමේ පළමු කඩුලු 9 ම ලකුණු 227 කදී බිඳ දමමින් ජයග්‍රහණය අත පොවන මායිමට පැමිණීමට බී. ආර්. සී. පිල සමත්වුණා.

කෙසේ වෙතත් අවසන් පිතිකරුවන් යුගලය සිය කඩුලු ආරක්ෂා කර ගැනීමට සමත්වීම නිසා තරගයේ පරාජය පෙනි පෙනී තිබූ තරගය වාසනාවන්ත ලෙසින් ජයපැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට එන්. සී. සී. පිලට හැකියාව ලැබිණා.

රාගමට ලකුණු 103 ක ජයක් –

රාගම පළමු ඉනිම පන්දුවාර 63 කදී ලකුණු 258 යි – (සමින්ද ප්‍රනාන්දු 73, නිශාන් මධුශංඛ 57, අකිල ධනංජය 24/4, ප්‍රභාත් ජයසූරිය 76/3)

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 57.3දී 163යි – (සංතූෂ් ගුණතිලක 33, ඇන්ජලෝ මැතිව්ස් 22, දිල්රුවන් පෙරේරා 20, ශෂික දුල්ෂාන් 45/6, බිනුර ප්‍රනාන්දු 38/2)

රාගම දෙවැනි ඉනිම පන්දුවාර 65.2 කදී 220 යි – (රොෂේන් සිල්වා 67, ළහිරු තිරිමාන්න 63, ෂමින්ද ප්‍රනාන්දු 17, ප්‍රභාත් ජයසූරිය 69/5, අකිල ධනංජය 44/4)

කෝල්ට්ස් දෙවැනි ඉනිම පන්දුවාර 55.5 කදී ලකුණු 212 යි – (අවිෂ්ක ප්‍රනාන්දු 44, සධීර සමරවික්‍රම 69, ඇන්ජලෝ මැතිව්ස් 18, ප්‍රියමාල් පෙරේරා 15, ඩිල්රුවන් පෙරේරා 19, අකිල ධනංජය 13, ඉෂාන් ජයරත්න 31/3, කල්හාර සේනාරත්න 28/3,අමිල අපෝන්සෝ 48/3)

මේරියන්ස් පිලට ලකුණු 45 ක ජයක්

හලාවත මේරියන්ස් පළමු ඉනිම 269යි – (ෂෙහාන් ජයසූරිය 95, පුලින තරංග 41, ඕෂද ප්‍රනාන්දු 38, තීක්ෂිල ද සිල්වා 22, අසේල ගුණරත්න 38/3, දුෂාන් විමුක්ති 90/3)

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 70 කදී සියලුදෙනා දැවී ලකුණු 216යි – (අසේල ගුණරත්න 43*, දිනේෂ් චන්දිමාල් 62, සීක්කුගේ ප්‍රසන්න 36, මහේෂ් කුමාර 36, අසිත ප්‍රනාන්දු 71/4, නිමේෂ් විමුක්ති 39/2)

හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම පන්දුවාර 63 කදී ලකුණු 241 යි – (කසුන් විදුර 73, කමිඳු මෙන්ඩිස් 22, ඕෂධ ප්‍රනාන්දු 19, රුමේෂ් බුද්ධික 16, ප්‍රසන්න සික්කුගේ 101/6)

යුද හමුදාව දෙවැනි ඉනිම පන්දුවාර 36.3 කදී ලකුණු 249 යි – (අශාන් රන්දික 133, තුලින ඩිල්ෂාන් 39, මහේෂ් කුමාර 13, අසේල ගුණරත්න 18, හිමාෂ ලියනගේ 13, දුෂාන් විමුක්ති 13, නිමේෂ් විමුක්ති 23/4, ෂෙහාන් ජයසූරිය 66/4, තික්ෂිල ද සිල්වා 38/2)

මිලින්දගේ විශිෂ්ඨ ශතකය –

සී.සී.සී පළමු ඉනිම 142යි – (මිනෝද් භානුක 92 , අෂාන් ප්‍රියංජන් 22, රොන් චන්ද්‍රගුප්ත 10, කසුන් රාජිත 63/5 සමන් ජීවන්ත 33/3)

සැරසන්ස් පළමු ඉනිම පන්දුවාර 49.3දී සියලු දෙනා දැවී 183යි – (මිලින්ද සිරිවර්ධන 89, චාමිකර එදිරිසිංහ 34*, ළහිාරු ගමගේ 29/5, විශ්ව ප්‍රනාන්දු 37/3, ළහිරු මධුශංක 33/2)

සී.සී.සී. දෙවන ඉනිම පන්දුවාර 81 කදී කඩුලු 7 ට ලකුණු 351 යි – (ලසිත් අබේරත්න 101*, ළහිරු මධුශංඛ 63, අෂාන් ප්‍රියංජන් 39, රොන් චන්ද්‍රගුප්ත 39, මිනෝද් භානුක 37, කුසල් මෙන්ඩිස් 21, ළහිරු ගමගේ 29*, කසුන් රාජිත 104/4)

සැරසන්ස් දෙවැනි ඉනිම පන්දුවාර 81 කදී කඩුලු 6 ට ලකුණු 283 යි – (මිලින්ද සිරිවර්ධන 151, ප්‍රමෝද් මදුවන්ත 54, අෂේන් බණ්ඩාර 13, ගමිඳු කණිෂ්ක 21, සාලිය සමන් 12*, චාමිකර එදිරිසිංහ 13*,විශ්ව ප්‍රනාන්දු 38/3, ලක්ෂාන් සඳකැන් 64/2)

දුවිඳු තිලකරත්නගෙන් කඩුලු 13 ක් –

බී.ආර්.සී පළමු ඉනිම 316යි – (භානුක රාජපක්ෂ 115, හෂේන් රාමනායක 36, දේශාන් ඩයස් 31, දුවිඳු තිලකරත්න නොදැවී 53, අෂේන් ඩැනියල් 98/4, ළහිරු කුමාර 63/2)

එන්.සී.සී පළමු ඉනිම පන්දුවාර 65.2 දී ලකුණු 275 යි – (ළහිරු උදාන 90, චාමික කරුණාරත්න 93, සහන් ආරච්චිගේ 26, දුවිඳු තිලකරත්න 63/6, භානුක රාජපක්ෂ 22/2, හසේන් රාමනායක 44/2)

බී.ආර්.සී. දෙවන ඉනිම පන්දුවාර 58.5 කදී ලකුණු 240 යි – (භානුක රාජපක්ෂ 110*,ශානුක දුලාජ් 36, රමින්ද විජේසූරිය 29, දුවිඳු තිලකරත්න 19, ළහිරු කුමාර 76/4, දිලේෂ් ගුණරත්න 21/2, චාමික කරුණාරත්න 37/2)

එන්.සී.සී. දෙවැනි ඉනිම පන්දුවාර 44 කදී කඩුලු 9ට ලකුණු 227 යි – (ළහිරු උදාර 93, මහේල උඩවත්ත 18, උපුල් තරංග 26, ඇන්ජලෝ පෙරේරා 37, අෂේන් ඩැනියෙල් 12, ළහිරු කුමාර 12*, දුවිඳු තිලකරත්න 55/7)

(මූලාශ්‍රය – SLC)

Comments (0)
Add Comment