මිචෙල් ටෙස්ට් සංචිතයට – විලියම්සන් හා සවුති 100 වැනි අභියෝගයට සූදානම්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ටිම් සවුතිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දී සවුති හා කේන් විලියම්සන් ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන තම 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නියමිතව තිබීම ද විශේෂත්වයක්.

සවුති මේ වන විට එක්දින හා විස්සයි 20 ජාත්‍යන්තර තරග ද 100 කට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති අතර, ඒ අනුව රෝස් ටේලර්, විරාත් කෝලි හා ඩේවිඩ් වෝනර්ට පසුව තරග රටා ත්‍රිත්වයෙන්ම තරග 100 බැගින් ක්‍රීඩා කළ ලොව සිව්වැනි ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසගත වීමට නියමිතව ඇත්තේ.

පාදයක ආබාධයක් හේතුවෙන් මෑතකදී විවේක ගැන් වූ මැද පෙල පිතිකරු ඩැරල් මිචෙල් ද ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් වසරක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදුව ඇති වේග පන්දු යවන ක්‍රීඩක ක්යිල් ජමීසන් වෙනුවට සංචිතයට කැදවා ඇත්තේ Scott Kuggeleijn.

මේ අතර, ටෙස්ට් තරගාවලියට පෙර පැවැත්වෙන නවසීලන්ත – ඔස්ට්‍රේලියා විස්සයි 20 තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ආබාධ හේතුවෙන් මැට් හෙන්රි හා ටිම් සයිෆර්ට් සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ඔවුන් වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ බෙන් සියර්ස් හා විල් යන්ග්.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය පෙබරවාරි 29 වැනිදා වෙලින්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය එළඹෙන බදාදා ආරම්භ වනවා.

New Zealand Test squad vs Australia

Tim Southee (c), Tom Blundell, Matt Henry, Scott Kuggeleijn, Tom Latham, Daryl Mitchell, Will O’Rourke, Glenn Phillips, Rachin Ravindra, Mitchell Santner, Neil Wagner, Kane Williamson, Will Young

Updated New Zealand T20I squad

Mitchell Santner (c), Finn Allen, Trent Boult (games 2 & 3), Mark Chapman, Josh Clarkson, Devon Conway, Lockie Ferguson, Adam Milne, Glenn Phillips, Rachin Ravindra, Ben Sears, Ish Sodhi, Tim Southee (game 1), Will Young

Comments (0)
Add Comment