ඔස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඔහු වහාම පුහුණුකරුවෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.
ඒ අනුව පාකිස්තාන කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට නියමිතයි.
36 හැවිරිදි වේඩ් අවසන් වරට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදීයි. ඔහු රතු පන්දු පිටියට සමු දුන්නේ පසුගිය මාර්තු මාසයේදීයි.
ජාත්‍යන්තර පිටියෙන් සමුගත්ත ද ඔහු තවදුරටත් ෆ්‍රැන්චයිස් තරග සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන අතර, BBL තරගාවලියේ දී ඔහු Hobart Hurricanes කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.
මැතිව් වේඩ් සිය 13 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ටෙස්ට් තරග 36 ක්, එක්දින තරග 97 ක් හා විස්සයි 20 තරග 92 ක් ක්‍රීඩා කර තිබෙනවා.
ඔහු 2021 වසරේ දී විස්සයි 20 ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක්.