මැතිව්ස් සහ චන්දිමාල් නව කඩඉම් දෙකක් පසු කරයි

ශ්‍රී ලංකා මැද පෙල පිතිකරුවන් දෙදෙනෙකු වන ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් අද කඩඉම් දෙකක් පසු කර ගියා.

ඒ, එංගලන්තයට එරෙහිව අද ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දී යි.

මැතිව්ස් අද පසුකර ගියේ ටෙස්ට් ලකුණු 6000 කඩඉමයි.

මීට පෙර කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වා යන ක්‍රීඩකයින් එම කඩඉම පසු කර ගොස් තිබුණා.

ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් ඉතිහාසගත වුණේ ටෙස්ට් ලකුණු 6000 සීමාව පසු කළ පස් වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසයි.

මේ අතර, දිනේෂ් චන්දිමාල් ද අද ටෙස්ට් ලකුණු 4000 සීමාව පසු කළා.

SRI LANKA NEWS
Comments (0)
Add Comment