ආබාධයකට ලක් වීම හේතුවෙන් නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රිට එළඹෙන පාකිස්තාන හා ඉන්දීය එක්දින තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
කරච්චි හී දී පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී යි 31 හැවිරිදි ඔහු මෙම ආබාධයට ලක් වුණේ.
ඒ අනුව මැට් හෙන්රි ටෙස්ට් සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග යළි සියරට බලා පිටත්ව යාමට නියමිතයි.
ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු මෙතෙක් නවසීලන්ත සංචිතයට ආදේශ කර නැහැ.
මේ අතර, නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය පසුගියදා නම් කෙරුණා.
පාකිස්තාන – නවසීලන්ත එක්දින තරගාවලිය ජනවාරි 9 වැනිදා ද, ඉන්දු – නවසීලන්ත එක්දින තරගාවලිය ජනවාරි 18 වැනිදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ODI squad:
Babar Azam (c), Fakhar Zaman, Haris Rauf, Haris Sohail, Imam-ul-Haq, Kamran Ghulam, Mohammad Hasnain, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jnr, Naseem Shah, Salman Ali Agha, Shahnawaz Dahani, Shan Masood, Tayyab Tahir and Usama Mir
[…] – Source – […]