පංජාබ් කිංග්ස් තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්ට තරග ගාස්තුවෙන් 25% ක දඩයක් පනවා තිබෙනවා.
එමෙන්ම ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද ඇතුළත් කිරීමටයි අයි.පී.එල් සංවිධායකයින් පියවර ගෙන ඇත්තේ.
චෙන්නායි සුපර් කිංග්ස් සමග අගහරුවාදා රාත්‍රියේ පැවැති තරගයේදී මැක්ස්වෙල් අයි.පී.එල් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බව අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළා.
කෙසේ වෙතත්, ඔහු සිදු කළ වරද සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර නැහැ.
ඔහු විනය නීති සංග්‍රහයේ 2.2 වගන්තිය (abuse of fixtures and fittings during the match) උල්ලංඝනය කර ඇති බවත්, එම වරද මැක්ස්වෙල් විසින් පිළිගත් බවත් තරගාවලියේ සංවිධායකයින් සදහන් කළා.