මාසයේ ICC සම්මානයට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්

අගෝස්තු මාසයට අදාළ අයි.සී.සී ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සම්මාන සදහා නිර්දේශිත නාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මාසයේ ක්‍රීඩකයා සම්මානය සදහා දුනිත් වෙල්ලාලගේ හා ක්‍රීඩිකාව සම්මානය සදහා හර්ෂිතා සමරවික්‍රම නිර්දේශ කිරීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.

මාසයේ ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශ කර ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ කේෂාව් මහරාජ් හා ජෙයිඩ්න් සීල්ස්.

මාසයේ ක්‍රීඩිකාව සම්මානය සදහා හර්ෂිතාට අමතරව අයර්ලන්තයේ Gaby Lewis හා Orla Prendergast නිර්දේශ කර තිබෙනවා.

Comments (0)
Add Comment