මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය යළිත් කමිදුට

සැප්තැම්බර් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු කමිදු මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

ඔහු මෙම සම්මානය 2024 වසරේ දී දිනා ගත් දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. මීට පෙර කමිදු මාර්තු මාසයේ දී ද මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කර ගත්තා.

මෙවර මෙම සම්මානය සදහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය හා ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද ඇතුළත්ව සිටියා.

සැප්තැම්බර් මාසයේ දී කමිදු ටෙස්ට් තරග 4 ක් ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු ලකුණු 451 ක් රැස් කළේ ඉනිමක සාමාන්‍ය 90.20 ක් ලෙස සටහන් කර ගනිමින්.

ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ සිට අඛණ්ඩව තරග අටකදී ලකුණු 50 සීමාව සෑම තරගයකදීම පසු කර ගිය ලොව පළමු පිතිකරුවා ලෙස ද කමිදු නව ලෝක වාර්තාවක් ද පිහිටුවනු ලැබුවා.

Comments (0)
Add Comment