මාලිංග සහ නාරායන් අභිබවා යමින් රබාඩාගෙන් වාර්තාවක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අවම තරග සංඛ්‍යාවකින් කඩුලු 50 සීමාව පසු කළ පන්දු යවන්නා බවට පත් වීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ කාගිසෝ රබාඩා ඊයේ(17) සමත් වුණා.

ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ඔහු විසින් ෆෆ් ඩු ප්ලෙසිස්ගේ කඩුල්ල දවා ගැනීමත් සමගයි.

25 හැවිරිදි රබාඩා මෙම වාර්තාව තමන් සතු කර ගත්තේ අයි.පී.එල් තරග 27කට ක්‍රීඩා කරමින්.

මීට පෙර සුනිල් නාරායන් විසින් තරග 32කදී කඩුලු 50 දවා ගනිමින් අදාළ වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

එම ලේඛනයේ තෙවැනි ස්ථානය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ලසිත් මාලිංගට හිමිව ඇති අතර, ඔහු කඩුලු 50 සීමාව පසු කළේ 33 වැනි තරගයේ දී යි.

Comments (0)
Add Comment