මාලිංගගේ ලෝක වාර්තාව බිද දමමින් ශකිබ් පෙරමුණට

පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට බංගලාදේශයේ ශකිබ් අල් හසාන් අද(17) සමත් වුණා.

ඒ, මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේදී යි.

ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය අතර මෙම තරගය පැවැත්වෙන්නේ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ස්කොට්ලන්ත කණ්ඩායමේ කඩුලු 2ක් ලකුණු 17කට දවා ගැනීමට ශකිබ් මෙම තරගයේ දී සමත් වුණා.

ඒ අනුව මේ වන විට 20යි 20 ජාත්‍යන්තර තරග 89කදී ඔහු දවා ගෙන ඇති සමස්ත කඩුලු ගණන 108ක්.

කඩුලු 107කට (තරග 84කදී) උරුමකම් කියන ලසිත් මාලිංග 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා ලෙස මෙතෙක් වාර්තා අතරට එක්ව සිටියා.

WORLD NEWS
Comments (0)
Add Comment