දකුණු වැලමිටෙහි සිදුව ඇති ආබාධයක් හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ්ට මෙම වසරේ සියලු ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ අනුව ඔහුට එළඹෙන පාකිස්තාන හා නවසීලන්ත තරග සංචාර ද ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.
පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන් ද ඔහුට ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය මෙන්ම මේ දිනවල පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.
පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඔහු අපේක්ෂාවෙන් පසුවන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.